සිංහලෙන් යතුරු ලියනය කරන්න.

Posted by Iroshan at 12:17 AM on 12, Apr 2010

Google transliteration යනු Google විසින් අප වෙත ලබා දෙන නවතම මෘදුකාංගයකි. ඉන් ඔබට ඉංග්‍රීසි බෂාවෙන් ලියන අකුරු ඔබගේ භාෂාවට පරිවර්තනය කර ගැනීමේ හැකියාවක් පවතී. දැනට එය බොහොමයක් භාෂාවන් සඳහා උදව් කරන අතර අපගේ සිංහල භාෂාවද එඅ අතර වෙයි. මෙම ලිපිය සකස් කලේද Google transliteration වලින් වන අතර එය AJAX තාක්ෂනය ඔස්සේ පරිවර්තනය සිදු කරයි. මේ අතර UCSC විසින් මෙයට පෙර මීට වඩා සාර්ථක නිපැයුමක් කරන ලදී. එය JavaScript පමණක් පාවිච්චි කරන අතර ඒ සඳහා අන්තර්ජාලයේ පාවිච්චිය අවම වෙයි. කෙසේ නමුත් Google විසින් සිංහල භාෂාව වෙනුවෙන් කරන ලද මෙම සේවය අප සැවොම විසින් අගය කල යුතු වෙමු. පහත වෙබ් ලිපින ඔස්සේ ඔබට Google Transliteration මෙන්ම UCSC Font Conversion Utility අත්හදා බැලිය හැක.
[1] http://www.google.com/transliterate/sinhalese

[2] http://ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/

Comments are closed.